හෙබ්‍රෙව් 1
1
පුත්‍රයාණෝ හා දේව දූතයෝ
1ඈත අතීතයේ බොහෝ අවස්ථාවල, නොයෙක් මාර්ගවලින් දෙවියන්වහන්සේ දිවැසිවරුන් මගින් අපේ පියවරුනට කතා කළ සේක. 2එහෙත් මේ අවසන් දවස්හි දී උන්වහන්සේ අපට කතා කර ඇත්තේ, සියලු දේහි උරුමකරුවාණන් කර, උන්වහන්සේ පත් කළ, එසේ ම මුළු ලෝකය උන්වහන්සේ මවනු ලැබුවේ කවරකු තුළින් ද, අන්න ඒ ස්වකීය පුත්‍රයාණන් මගිනි. 3උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වය ම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක. 4උන්වහන්සේට උරුම ව ඇති නාමය පරිදි, උන්වහන්සේ දේව දූතයින්ට වඩා බෙහෙවින් උත්තරීතර බවට පැමිණි සේ ම, එය ඔවුන්ගේ නාමයට වඩා බෙහෙවින් විශිෂ්ට ය.
දේවදූතයන්ට වඩා උතුම් පුත්‍රයාණෝ
5මන්ද දෙවියන්වහන්සේ කවර දේව දූතයකුට, කවදා මෙසේ පවසා ඇද්ද?
“ඔබ මගේ පුත්‍රයාණන් ය;
මම අද ඔබ ජනිත කළෙමි.”#1:5 ගීතා 2;7
යළිත්,
“මම ඔහුට පියාණන් කෙනකු වන්නෙමි.
ඔහු මට පුත්‍රයකු වන්නේ ය.”#1:5 2 සාමු 7;14; 1 ලේක 17;13
6එසේ ම නැවතත්, උන්වහන්සේ තම කුලුඳුලාණන් ලොවට ගෙනෙන කල, මෙසේ පවසන සේක,
“දෙවියන්වහන්සේගේ සියලු දූතයින්, උන්වහන්සේට නමස්කාර කරත්වා.”#1:6 ද්වි 32:43
7දේව දූතයින් ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ,
“උන්වහන්සේ තම දූතයින් සුළං ද,
තම සේවකයින් ගිනි දැලක් ද කරන සේක”#1:7 ගීතා 104;4 යනුවෙනි.
8එහෙත් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ කියන්නේ,
“අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය.
ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි.
9ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක;
එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබේ සහකරුවනට ඉහළින්,
ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කළ සේක”#1:9 ගීතා 45:6,7 යනුවෙනි.
10තවද,
“ස්වාමින්වහන්ස, පටන් ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක.
ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ.
11ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක;
ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි.
12ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක;
ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ.
එහෙත් ඔබ, එක ලෙස පවතින සේක.
ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.”#1:12 ගීතා 102:25-27
13කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද?
“මා විසින් ඔබේ සතුරන්,
ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්,
මා දකුණු පසින් අසුන් ගන්න.”#1:13 ගීතා 110;1
14ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?
Currently Selected:
හෙබ්‍රෙව් 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: