YouVersion Logo
Search Icon

හග්ගයි 2:16-20

හග්ගයි 2:16-20 SCV

බුසල් විස්සක ධාන්‍ය ගොඩක් අපේක්ෂාවෙන් ආ කෙනකුට එහි වූයේ දහයක් පමණි. ගැලුම් පනහක් ගන්නට මිදි යුෂ පීප්පය වෙත ගිය කෙනකුට එහි වූයේ විස්සක් පමණි. ඔබේ දෑතේ සියලු වගා වැඩට මම කොළ රෝගයෙන්, පුස්-ලප උවදුරෙන් හා ගල් වර්ෂාවෙන් පහර දුනිමි. එහෙත් ඔබ මා වෙත හැරුණේ නැතැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘අද දවසේ පටන් ඉදිරියට නව වන මස විසිහතර වැනිදා වන මේ දවසේ පටන්, ස්වාමින්වහන්සේගේ මාලිගයේ අත්තිවාරම ලූ දවස ගැන සැලකිල්ලෙන් සිතා බලන්න; කල්පනාවට ගන්න. අටුවල තවමත් බීජ ඉතිරි ව ඇද්ද? මේ දක්වා මිදි වැලේත්, අත්තික්කා ගහේ හා දෙළුම් ගහේත්, ඔලීව ගහේත් පල හට ගත්තේ නැත. “ ‘එහෙත් මේ අද දවසේ පටන් මම නුඹලාට ආශිර්වාද කරන්නෙමි.’ ” මාසයේ විසිහතර වන දින වූ ඒ දවසේ ම ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් හග්ගයි වෙත පැමිණියේ ය

Free Reading Plans and Devotionals related to හග්ගයි 2:16-20