හග්ගයි 1:8-9
හග්ගයි 1:8-9 SCV
මා ප්රසන්න වී, ගෞරව මහිම ලබන පිණිස, කඳු නැග ගොස්, දැව අරගෙන ඇවිත්, ගෘහය ගොඩ නගන්නැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “නුඹලා බලාපොරොත්තු වූයේ බොහොමයකි. එහෙත් පෙනේ ද! ඒවා ස්වල්පයක් ව ඇති සැටි! නුඹලා ගෙදර ගෙනා දෑ මම පිඹ දැමීමි. ඒ ඇයි දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක. “ඒ මන්ද යත්, මගේ ගෘහය ජරාවාස ව තිබියදී, නුඹලා හැම කෙනෙක් ම තම තමාගේ ගෙදර දුවන නිසා ය.





