හග්ගයි 1:1-5
හග්ගයි 1:1-5 SCV
දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ, හය වන මස, එම මස පළමු දින, ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින්, ෂෙයල්තියෙල්ගේ පුත්, යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙත හා යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවා වෙත පැමිණියේ ය. සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මේ ජනයා කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැංවීමේ කාලය තවම පැමිණ නැත’ කියා ය.” එවිට ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින් මෙසේ පැවසී ය: “එසේ නම් මේ ගෘහය ජරාවාස ව තිබියදී, පනේල ගැසූ ඔබේ නිවාසවල වාසයට දැන් ඔබට කාලය ද?” එබැවින් දැන් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු.





