උත්පත්ති 9:20-24
උත්පත්ති 9:20-24 SCV
නෝවා ගොවිතැන් කරන්නට පටන් ගෙන, මිදි වත්තක් වැවුවේ ය. ඔහු මිදි යුෂ බී, වෙරිමත් ව තම කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වූ හාම්, තම පියාගේ නග්න භාවය දැක, පිටත සිටි තම සහෝදරයින් දෙදෙනාට ඒ වග දැන්වී ය. එහෙත් එවිට ෂේම් හා යාෆෙත් සළුවක් ගෙන, එය ඔවුන්ගේ උරහිස්හි තබා පස්සෙන් පස්සට ගොස්, තම පියාගේ නග්න භාවය වැසූහ. එහෙත් ඔවුන්ගේ මුහුණු ඉවත හැරී තිබූ බැවින් ඔවුන් තම පියාගේ නග්න භාවය දුටුවේ නැත. මිදි යුෂ වෙරි මත සිඳුණු පසු අවදි වූ නෝවා, තම බාල පුතු තමාට කළ දේ දැන





