උත්පත්ති 9:12-17
උත්පත්ති 9:12-17 SCV
තවදුරටත් කතා කළ දෙවියන්වහන්සේ, “ඔබත්, ඔබ හා සිටින ජීවමාන හැම ජීවියකුත්, මාත් අතරේ මා පිහිටු වන ගිවිසුම වන මතු සියලු පරම්පරා උදෙසා වන ගිවිසුමේ ලකුණ මෙයයි. මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි. පොළොවට ඉහළින් මා වලාකුළු ගෙනෙන කවර විටෙක වුව, ඒ වලාවන්හි දේදුන්න දිස්වන කල, ඔබ සමඟ ද හැම වර්ගයකට ම අයත් ජීවමාන සියලු සතුන් සමඟ ද මා කළ මගේ ගිවිසුම මම සිහි කරන්නෙමි. යළි කවරදාක වත් සියලු ජීවිත විනාශ කරනු පිණිස ජලය, ජලගැල්මකට පත් නො වන්නේ ය. වලාවන්හි දේදුන්න දිස්වන කවර විටෙක වුව, මම ඒ දෙස බලා, දෙවියන්වහන්සේත්, මිහි පිට සියලු වාර්ගික ජීවමාන සියලු සත්වයිනුත් අතරේ වූ සදාතන ගිවිසුම සිහි කරන්නෙමි” යි පැවසූ සේක. එබැවින්, නෝවා ඇමතූ දෙවියන්වහන්සේ, “මා හා මිහි පිට ජීවමාන සියල්ලන් අතරේ මා විසින් පිහිටු වන ලද ගිවිසුමේ ලකුණ මේ යැ” යි පැවසූ සේක.





