YouVersion Logo
Search Icon

උත්පත්ති 8:13-19

උත්පත්ති 8:13-19 SCV

නෝවාගේ ජීවිතයේ හයසිය එක් වන වසරේ පළමු මස පළමු දින වන විට, පොළොවෙන් ජලය සිඳී ගොස් තිබිණි. එවිට නෝවා නැවේ වැස්ම ඇර බැලුවේ ය. එවිට මෙන්න! පොළොව මතු පිට වියළී තිබිණි. දෙවන මස විසිහත් වන දින වන විට පොළොව මුළුමනින් ම වියළී තිබිණි. ඉන්පසු දෙවියන්වහන්සේ නෝවා අමතා මෙසේ කී සේක: “ඔබත්, ඔබේ භාර්යාවත්, ඔබේ පුතුන් හා ඔබේ පුතුන්ගේ භාර්යාවනුත් නැවෙන් පිටතට එන්න. ඔබ සමඟ සිටින හැම වර්ගයක ම ජීවමාන සතුන් වන පක්ෂීන් ද සිවුපාවුන් ද පොළොව පිට ඇදෙන සියලු උරගයින් ද පොළොවේ වැඩි වර්ධන වෙමින්, පොළොව පුරා සඵල ව බෝ වන පිණිස, ඔබ සමඟ උන් ද පිටතට ගෙනෙන්නැ” යි කී සේක. එවිට නෝවා තම පුතුන් ද තම භාර්යාව ද තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව පිටතට ආවේ ය. සියලු සත්තු ද සියලු උරගයෝ ද සියලු පක්ෂීහු ද යන පොළොවෙහි ගැවසෙන සියල්ලෝ එක් එක් වර්ගය බැගින් නැවෙන් පිටතට ආහ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 8:13-19