උත්පත්ති 6:5-8
උත්පත්ති 6:5-8 SCV
මිහි පිට මනුෂ්‍යයාගේ දුෂ්ටකම් කොතෙක් මහත් වී ද යන්නත්, ඔහුගේ හදෙහි අදහස්වල සෑම නැඹුරුවීමක් ම, හැම විට නපුරට ම බවත් ස්වාමින්වහන්සේ දුටු සේක. තමා මිහි පිට මනුෂ්‍යයා සෑදීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක. උන්වහන්සේගේ හද වේදනාවෙන් පෙළුණි. එබැවින් ස්වාමින්වහන්සේ, “මිනිස් සංහතිය, මා විසින් මවන ලද මිනිස් සංහතිය හා සතුන් ද උරගයින් හා අහස් පක්ෂීන් ද මිහි පිටින් තුරන් කර දමන්නෙමි. මා ඔවුන් සෑදීම ගැන මම තැවෙන්නෙමි” යි කී සේක. එහෙත් නෝවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසාදය ලද්දේ ය.





