උත්පත්ති 5
5
ආදම් සිට නෝවා දක්වා
1ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය.
දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ කල, උන්වහන්සේ ඔහු මැවුවේ, දෙවියන්වහන්සේගේ සමානත්වයෙනි; 2පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කළ සේක. ඔවුන් මවනු ලැබූ කල, උන්වහන්සේ මනුෂ්‍යයා#5:2 මනුෂ්‍යයා හෙබ්‍රෙව් ආදම් යන නමින් ඔවුන් හැඳින් වූ සේක.
3ආදම් වසර එකසිය තිහක් වයස් වූ විට ඔහුගේ සමානත්වයෙන්, ඔහුගේ ම ස්වරූපයෙන් පුතකු ලැබ, ඔහුට සෙත් යන නම තැබී ය. 4සෙත් උපන් පසු, ආදම් වසර අටසියයක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 5මෙසේ ආදම්ගේ මුළු ආයු කාලය වසර නවසිය තිහකි. ඉන්පසු ඔහු මියැදුණේ ය.
6සෙත් වසර එකසිය පහක් විසූ පසු, ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය. 7ඒනොෂ් උපන් පසු, සෙත් වසර අටසිය හතක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 8මෙසේ නවසිය දොළොස් වසරක් විසූ පසු, සෙත් මළේ ය.
9ඒනොෂ් වසර අනූවක් විසූ පසු, ඔහුට දාව කේනාන් උපන්නේ ය. 10කේනාන් උපන් පසු, ඒනොෂ් වසර අටසිය පහළොවක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 11මෙසේ නවසිය පස් වසරක් විසූ පසු, ඒනොෂ් මළේ ය.
12කේනාන් වසර හැත්තෑවක් විසූ පසු, ඔහුට දාව මහලලෙල් උපන්නේ ය. 13මහලලෙල් උපන් පසු, කේනාන් වසර අටසිය හතළිහක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 14මෙසේ නවසිය දස වසරක් විසූ පසු, කේනාන් මළේ ය.
15මහලලෙල් වසර හැටපහක් විසූ පසු, ඔහුට දාව යාරෙද් උපන්නේ ය. 16යාරෙද් උපන් පසු, මහලලෙල් වසර අටසිය තිහක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 17මෙසේ අටසිය අනූපස් වසරක් විසූ මහලලෙල් මළේ ය.
18යාරෙද් වසර එකසිය හැටදෙකක් විසූ පසු, ඔහුට දාව ඒනොක් උපන්නේ ය. 19ඒනොක් උපන් පසු, යාරෙද් වසර අටසියයක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 20මෙසේ නවසිය හැට දෙවසරක් විසූ යාරෙද් මළේ ය.
21ඒනොක් වසර හැටපහක් විසූ පසු, ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. 22මෙතුසෙලා උපන් පසු, ඒනොක් වසර තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය.#5:22 දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. ග්‍රීක් දෙවියන්වහන්සේ ප්‍රසන්න කළේ ය. උත් 5;24 ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 23මෙසේ ඒනොක් තුන්සිය හැටපස් වසරක් විසී ය. 24දෙවියන්වහන්සේ සමඟ හැසිරුණු ඒනොක් ඉන්පසු තවත් දක්නට නො වී ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු ගෙන ගිය සේක.
25මෙතුසෙලා වසර එකසිය අසූහතක් විසූ පසු, ඔහුට දාව ලාමෙක් උපන්නේ ය. 26ලාමෙක් උපන් පසු, මෙතුසෙලා වසර හත්සිය අසූදෙකක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 27මෙසේ නවසිය හැටනව වසරක් විසූ මෙතුසෙලා මළේ ය.
28ලාමෙක් වසර එකසිය අසූදෙකක් විසූ පසු, ඔහුට දාව පුතකු උපන් කල, 29ඔහුට නෝවා යන නම තැබී ය. ඔහු කීවේ, “ස්වාමින්වහන්සේ ශාප කළ භූමිය හේතු කොට, අපේ දෑතේ වෙහෙස හා පීඩාකාරී බරවැඩවලින් මොහු අපට සහනය#5:29 සහනය හෙබ්‍රෙව් බසින් නෝවා යන ශබ්දයට සමාන ය. සලසනු ඇත” කියා ය. 30නෝවා උපන් පසු ලාමෙක් වසර පන්සිය අනූපහක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. 31මෙසේ හත්සිය හැත්තෑහත් වසරක් විසූ ලාමෙක් මළේ ය.
32නෝවා වසර පන්සියයක් වයස් වූ කල ඔහුට දාව ෂේම්, හාම් හා යාෆෙත් උපන්හ.
Currently Selected:
උත්පත්ති 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: