YouVersion Logo
Search Icon

උත්පත්ති 5:18-24

උත්පත්ති 5:18-24 SCV

යාරෙද් වසර එකසිය හැටදෙකක් විසූ පසු, ඔහුට දාව ඒනොක් උපන්නේ ය. ඒනොක් උපන් පසු, යාරෙද් වසර අටසියයක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. මෙසේ නවසිය හැට දෙවසරක් විසූ යාරෙද් මළේ ය. ඒනොක් වසර හැටපහක් විසූ පසු, ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. මෙතුසෙලා උපන් පසු, ඒනොක් වසර තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. මෙසේ ඒනොක් තුන්සිය හැටපස් වසරක් විසී ය. දෙවියන්වහන්සේ සමඟ හැසිරුණු ඒනොක් ඉන්පසු තවත් දක්නට නො වී ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු ගෙන ගිය සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 5:18-24