YouVersion Logo
Search Icon

උත්පත්ති 49:22-26

උත්පත්ති 49:22-26 SCV

“යෝසෙප් පලබර මිදි වැලකි. උල්පතක් ළඟ පලබර මිදි වැලකි. එහි අතු, තාප්ප වැටටත් උඩින් නැග යයි. දුනුවායෝ තදබල ලෙස ඔහුට පහර දුන්හ; ඔවුහු ඔහුට විද, එදිරිවාදිකම් කරන්නට වන්හ. එහෙත් ඔහුගේ දුන්න නො වෙනස් ව පැවතිණ. ඔහුගේ බාහුව ද කඩිසර විය. එසේ වූයේ, යාකොබ්ගේ පරාක්‍රමයාණන්ගේ හස්තය නිසා ය; ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වන එඬේරාණන් නිසා ය; ඔබට උපකාර කරන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ නිසා ය; ඉහළ අහසේ ආශිර්වාදවලින් ද පහළ ගැඹුරේ ආශිර්වාදවලින් ද පියයුරුවල හා දරු ගැබ්හි ආශිර්වාදවලින් ද ඔබට ආශිර්වාද කරන සර්ව පරාක්‍රමයාණන් නිසා ය. ඔබේ පියාගේ ආශිර්වාද ඉපැරණි කඳුවල ආශිර්වාදවලට වඩා උතුම් ය. සදාතනික හෙල්වල දීමනාවන්ට වඩා උතුම් ය. මේ හැම දෑ, යෝසෙප්ගේ හිස මත වේවා! තම සොහොයුරන්ගෙන් වෙන් ව සිටින තැනැත්තාගේ නළල මත වේවා!