උත්පත්ති 42:37-38
උත්පත්ති 42:37-38 SCV
එවිට රූබෙන් තම පියා අමතමින්, “මා ඔබ වෙත ඔහු ආපසු ගෙන ආවේ නැති නම්, මගේ පුතුන් දෙදෙනා මරා දමන්න. ඔහු මගේ බාරයට පත් කරන්න; මම ආපසු ඔබ වෙත ඔහු ගෙනෙන්නෙමි” යි කීවේ ය. එහෙත් යාකොබ්, “මගේ පුතා නුඹලා සමඟ එහි යන්නේ නෑ. ඔහුගේ සහෝදරයා මිය ගිහින්. ජීවත් ව සිටින්නේ මොහු පමණයි. නුඹලා යන ගමනේදී ඔහු පිටට කිසියම් අනතුරක් සිදු වුවහොත්, මේ මහලු වයසේ සෝ සන්තාපයෙන් මිනී වළට යන්නට නුඹලා මට මග පාදතැ” යි කීවේ ය.





