YouVersion Logo
Search Icon

උත්පත්ති 42:1-6

උත්පත්ති 42:1-6 SCV

ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග යාකොබ්ට දැනගන්නට ලැබිණ. ඔහු තම පුත්‍රයින්ට කතා කොට, “නුඹලා එකිනෙකාගේ මුහුණු දිහා බලා සිටින්නේ මොකද? අන්න! ඊජිප්තුවේ ධාන්‍ය තියෙන වග මට ආරංචියි. අප නො නැසී ජීවත් වන පිණිස, දැන් එහි ගොස්, අපටත් ධාන්‍ය මිල දී, ගෙන එන්නැ” යි කීවේ ය. එබැවින්, යෝසෙප්ගේ සහෝදරයින් දස දෙනෙක් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුව වෙත ගියහ. එහෙත් යෝසෙප්ගේ සහෝදර බෙන්යමින්ට යම් විපතක් වේ දෝයි භය වූ යාකොබ් ඔහුගේ සහෝදරයින් සමඟ ඔහු පිටත් කර හැරියේ නැත. සාගතය කානාන් දේශයේ ද වූ බැවින් ධාන්‍ය මිලයට ගැනීමට ගිය ජනයා අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්තු ද වූහ. මෙකල දේශයේ ආණ්ඩුකාරයා ව සිටියේ යෝසෙප් ය. දේශයේ හැම දෙනාට ම ධාන්‍ය වික්කේ ඔහු ය. එහි ළඟා වූ යෝසෙප්ගේ සහෝදරයෝ බිමට නැමී, වැඳ, ඔහුට ආචාර කළහ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 42:1-6