උත්පත්ති 41:49-52
උත්පත්ති 41:49-52 SCV
යෝසෙප්, මුහුදේ වැලි මෙන් ධාන්‍ය අති විශාල ප්‍රමාණයක් ගබඩා කරවී ය. ඒවා කොයි තරම් වී ද යත්, ගණන්-මිනුම් තැබීම ඔහුට නතර කරන්නට සිදු විය. ඒවා, මැනිය නො හැකි තරම් විය. සාගත අවුරුදු එළැඹෙන්නට පෙර, ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට දාව, පුතුන් දෙදෙනකු බිහි කළා ය. යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ යැයි නම් තැබී ය. මන්ද, “මගේ සියලු කරදරත්, මගේ පියාගේ ගෘහවාසී සියලු දෙනාත් දෙවියන්වහන්සේ මට අමතක කර වූ නිසා” යි ඔහු කීවේ ය. ඔහු තම දෙවැනි පුතුට එප්‍රායිම් යැයි නම් තැබී ය. මන්ද, “මගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵල කළ සේකැ” යි ඔහු කීවේ ය.





