YouVersion Logo
Search Icon

උත්පත්ති 41:41-44

උත්පත්ති 41:41-44 SCV

පාරාවෝ යෝසෙප්ට කතා කොට, “මෙන්න, මුළු ඊජිප්තු දේශය ම මම ඔබට පවරමි” යි කීවේ ය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලේ වූ තම පේරැස් මුද්ද ගලවා, එය යෝසෙප්ගේ ඇඟිල්ලේ දැම්මේ ය. සිහින් හණ පිළියෙන් කළ ඇඳුම් ඔහුට හඳවා, ඔහුගේ ගෙල වට රන් මාලයක් ද පළඳවා, තමාගේ දෙවැනි රාජකීය අශ්ව රථයේ ඔහු නංවා, ගමන් කරවී ය. ඔහුට පෙරටුවෙන් මිනිස්සු, “දණ නමව්” කියමින් හඬ නැගූහ. මෙසේ පාරාවෝ, මුළු ඊජිප්තු දේශයට ම අධිපතියා කොට යෝසෙප් පත් කළේ ය. තවද පාරාවෝ යෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි. එහෙත් ඔබේ අවසරයක් නැතිව කිසිවකුත් මේ මුළු ඊජිප්තුව තුළ තමාගේ අතවත්, පයවත් ඔසවන්නේ නැතැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 41:41-44