උත්පත්ති 4:19-24
උත්පත්ති 4:19-24 SCV
ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනකු ආවාහ කර ගත්තේ ය. එක් තැනැත්තියකගේ නම ආදා ය. අනෙක් තැනැත්තියගේ නම සිල්ලා ය. ආදාගෙන් යාබාල් උපත ලැබී ය. කූඩාරම්වල වෙසෙන්නවුන්ගේ ද සත්ව සම්පත් ඇත්තවුන්ගේ ද ආදි පියා ඔහු ය. ඔහුගේ සහෝදරයාගේ නම යූබාල් ය. වීණා හා නළා වාදකයින්ගේ ආදිතමයා ඔහු ය. සිල්ලා ද තූබල්-කායින් නමින් පුතකු බිහි කළා ය. ලෝකඩ හා යකඩවලින් සියලු ආකාරයේ උපකරණ සාදන කර්මාන්තකරුවන්ගේ ආදිතමයා, ඔහු ය. තූබල්-කායින්ගේ සොහොයුරිය නාමා ය. තම භාර්යාවන් ඇමතූ ලාමෙක්, “ආදා, සිල්ලා, මට සවන් දෙන්න. ලාමෙක්ගේ භාර්යාවනි, මගේ වචන අසන්න. මට තුවාල කළ නිසා මිනිසකු ද මට පහර දුන් නිසා තරුණයකු ද මම මරා දැමුවෙමි. කායින් නිසා හත් වාරයක් පළිගැනේ නම්, ලාමෙක් නිසා හැත්තෑහත් වාරයකි” යි කීවේ ය.





