YouVersion Logo
Search Icon

උත්පත්ති 39:7-9

උත්පත්ති 39:7-9 SCV

මද කලකින් යෝසෙප් වෙත ආශා දෑස යොමන්නට වූ ඔහුගේ ස්වාමියාගේ බිරිඳ, “මා හා යහනට එන්නැ” යි ඔහුට කතා කළා ය. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඔහු, තම ස්වාමියාගේ බිරිඳ අමතමින්, “මගේ බාරයේ තිබෙන නිසා, මේ නිවසේ කිසි දෙයක් ගැන සොයා බලන්නට මගේ ස්වාමියා කරදර නො වෙයි. තමා සන්තක හැම දේ ම, ඔහු මගේ බාරයට පවරා තිබේ. මේ නිවස තුළදී මට වඩා උසස් කෙනෙක් නැහැ. ඔබ ඔහුගේ බිරිඳ බැවින්, ඔබ හැරුනු කොට මගේ ස්වාමියා අන් කිසිවක් මගෙන් වළක්වා නැත. එසේ නම්, මා මෙවැනි මහා දුෂ්ටකමක් කොට දෙවියන්වහන්සේට එරෙහිව පව් කරන්නේ කෙසේ දැ?” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 39:7-9