YouVersion Logo
Search Icon

උත්පත්ති 39:2-5

උත්පත්ති 39:2-5 SCV

ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක. එබැවින් ඔහු සඵල විය. ඊජිප්තියානු තම ස්වාමියාගේ නිවසේ ඔහු වාසය කළේ ය. ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ වගත්, ඔහු කළ හැම දෙයකදී ම ස්වාමින්වහන්සේ ඔහු සඵල කළ වගත් ඔහුගේ ස්වාමියා දුටුවේ ය. එබැවින් යෝසෙප් ඔහුගේ ප්‍රසාදය දිනා, ඔහුගේ පුද්ගලික සේවකයා බවට පත් විය. පොතිෆර් තම නිවසේ කළමනාකාරිත්වය හා තමා සතු සියල්ලේ භාරකාරත්වය ඔහුට පැවරී ය. ඔහු තම නිවසේත්, තමා සතු සියල්ලේත් කළමනාකාරිත්වය යෝසෙප්ට පැවරූ කාලයේ පටන්, යෝසෙප් නිසා ස්වාමින්වහන්සේ ඊජිප්තු ජාතිකයාගේ නිවසට ආශිර්වාද කළ සේක. ඔහුගේ නිවස තුළත්, ඔහුගේ වතු පිටිවලත් ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය විය.