YouVersion Logo
Search Icon

උත්පත්ති 37:2-4

උත්පත්ති 37:2-4 SCV

යාකොබ්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය. දහහත් හැවිරිදි තරුණයකු වූ යෝසෙප් තම සහෝදරයින් සමඟ, තම පියාගේ භාර්යාවන් වූ බිල්හාගේත්, සිල්පාගේත් පුතුන් සමඟ එළු බැටළු රංචු බලා ගත්තේ ය. ඔහු ඔවුන් ගැන නරක වාර්තාවක්, තම පියා වෙත ගෙනාවේ ය. ඉශ්‍රායෙල් තමාගේ අන් හැම පුතකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කළේ ය. ඒ, තමාගේ මහලු වයසේ උපන් පුත්‍රයා ඔහු බැවිනි. එබැවින් ඔහු නා නා වර්ණ කබායක් ඔහුට සාදවා දුන්නේ ය. තම පියා තමන් කවරකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කරන වග දුටු ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළෝ, එක් වචනයකුදු කාරුණික ව ඔහුට කතා කිරීමට අපොහොසත් වූහ.