YouVersion Logo
Search Icon

උත්පත්ති 33:3-11

උත්පත්ති 33:3-11 SCV

ඔවුන්ට ඉස්සර වී, පෙරට යමින්, තම සහෝදරයා වෙත ළඟා වෙමින්, හත් වාරයක් බිමට නැමී, වැන්දේ ය. එහෙත් ඒසව් ඔහු හමුවට දුවගෙන ඇවිත්, ඔහු වැලඳ, ඔහුගේ ගෙල බදා, සිප ගත්තේ ය. ඉන්පසු ඔවුහු හඬන්නට වන්හ. පසුව ඒසව් නෙත් ඔසවා බලා, ස්ත්‍රීන් ද දරුවන් ද දැක, “ඔබ සමඟ සිටින මොවුන් කවුරු දැ?” යි ඔහු ඇසී ය. යාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ දයාන්විත ව ඔබේ සේවකයාට දුන් දරුවන් යැ” යි කීවේ ය. ඉන්පසු සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළං වී, බිමට නැමී වැන්දෝ ය. ඊළඟට ලෙයා හා ඇගේ දරුවෝ ළං වී, බිමට නැමී වැන්දෝ ය. සැමට පසු යෝසෙප් හා රාඛෙල් ද බිමට නැමී වැන්දෝ ය. ඒසව් කතා කොට, “මට හමු වූ මේ රංචු සියල්ල කුමක් සඳහා දැ?” යි ඇසී ය. “මගේ ස්වාමියා හමුවේ ප්‍රසාදය ලබන පිණිස යැ” යි යාකොබ් උත්තර දුන්නේ ය. එවිට ඒසව්, “ඕන තරම් මට තියෙනවා මා සහෝදරය, ඔබට ඇති දෑ ඔබ ම තියා ගන්නැ” යි කීවේ ය. එහෙත් යාකොබ් ඇවිටිලි කරමින්, “නැහැ; එසේ නො වෙයි. ඔබ හමුවේ ප්‍රසාදය ලැබෙනවා නම්, මා අතින් මේ තෑග්ග පිළිගන්න. මන්ද ඔබගේ මුහුණ දැකීම, දෙවියන්වහන්සේගේ මුහුණ දැකීම වගෙයි. ප්‍රසාදයෙන් යුතු ව ඔබ මා පිළිගත්තා. දෙවියන්වහන්සේ මට දයාන්විත ව ඇති බැවින් හා අවශ්‍ය හැම දෙයක් ම මා සතු බැවින්, ඔබට ගෙනා මගේ ආශිර්වාදය පිළිගන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු පෙරැත්ත කළෙන්, ඒසව් එය පිළිගත්තේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 33:3-11