උත්පත්ති 33:1-4
උත්පත්ති 33:1-4 SCV
යාකොබ් නෙත් ඔසවා, බැලූ විට මෙන්න! ඒසව් ඔහුගේ මිනිසුන් හාරසියය සමඟ පැමිණෙමින් සිටිනු දිටී ය. එබැවින් යාකොබ්, ලෙයා ද රාඛෙල් ද සේවිකාවන් දෙදෙනා ද අතරේ දරුවන් බෙදී ය; ඔහු සේවිකාවන් හා ඔවුන්ගේ දරුවන් ඉදිරියෙන් ම ද ලෙයා හා ඇගේ දරුවන් ඊළඟට ද රාඛෙල් හා යෝසෙප් පිටුපසින් ද සිටුවා, ඔවුන්ට ඉස්සර වී, පෙරට යමින්, තම සහෝදරයා වෙත ළඟා වෙමින්, හත් වාරයක් බිමට නැමී, වැන්දේ ය. එහෙත් ඒසව් ඔහු හමුවට දුවගෙන ඇවිත්, ඔහු වැලඳ, ඔහුගේ ගෙල බදා, සිප ගත්තේ ය. ඉන්පසු ඔවුහු හඬන්නට වන්හ.





