YouVersion Logo
Search Icon

උත්පත්ති 32:24-31

උත්පත්ති 32:24-31 SCV

මෙසේ යාකොබ් හුදකලා විය. එවිට මනුෂ්‍යයෙක් පහන් වන තෙක් ඔහු සමඟ පොර බැදී ය. තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය. එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය. එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය. එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය. “යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ඔහු කතා කරමින්, “මින් මතු ඔබේ නම යාකොබ් නො වේ, ඉශ්‍රායෙල් ය. මන්ද දෙවියන්වහන්සේ සමඟත්, මිනිසුන් සමඟත් ඔබ පොර බදා ජය ගෙන ඇතැ” යි කීවේ ය. යාකොබ් ඔහු අමතමින්, “අනේ මට ඔබේ නම කියන්නැ” යි ඉල්ලී ය. එහෙත්, “ඔබ මගේ නම විචාරන්නේ මන්දැ?” යි පැවසූ ඔහු, ඉන්පසු එහිදී යාකොබ්ට ආශිර්වාද කළේ ය. එබැවින් යාකොබ්, “මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටුවෙමි. එහෙත්, මගේ ජීවිතය ඉතිරි විණැ” යි කියමින් ඒ ස්ථානයට පෙනීයෙල් යැයි නම් තැබී ය. ඔහු පෙනූවෙල් පසු කර යද්දී හිරු උදා විය. උකුල් ඇටයේ අමාරුව නිසා ඔහු ගමන් ගත්තේ කොර ගසමිනි.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 32:24-31