YouVersion Logo
Search Icon

උත්පත්ති 31:4-9

උත්පත්ති 31:4-9 SCV

එබැවින් තම එළු බැටළු රංචු සිටි තණ පිටියට එන ලෙස පණිවුඩ යවා, රාඛෙල් හා ලෙයා කැඳවූ යාකොබ්, ඔවුන් අමතමින්, “ඔබේ පියා මට පෙර පරිදි ප්‍රිය මනාප බවක් දැන් නො දක්වන වග මට පෙනේ. එහෙත් මගේ පියාගේ දෙවියන්වහන්සේ මා සමඟ වූ සේක. මා මගේ මුළු ශක්තියෙන් ඔබේ පියාට වැඩ කර දුන් වග ඔබ දනී. එහෙත් ඔබේ පියා මට වංචා කරමින්, දහ වාරයක් මගේ කුලිය වෙනස් කළා. එහෙත් මට අනර්ථයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ දුන්නේ නෑ. ‘පුල්ලි වැටුණු උන් ඔබගේ කුලිය වන්නේ යැ’ යි ඔහු කී කල, සියලු සත්ව රංචු පුල්ලි වැටුණු පැටවුන් ගැසුවා. ‘වයිරම් සහිත උන් ඔබේ කුලිය වන්නේ යැ’ යි ඔහු කී කල, සියලු රංචු වයිරම් සහිත පැටවුන් ගැසුවා. මෙසේ දෙවියන්වහන්සේ ඔබේ පියාගේ සත්ව සම්පත ඔහුගෙන් ඉවත් කර, උන් මට දී තියෙනවා.