YouVersion Logo
Search Icon

උත්පත්ති 31:38-42

උත්පත්ති 31:38-42 SCV

“මේ අවුරුදු විස්සට මා සිටියේ නුඹ ළඟයි; නුඹේ එළු බැටළු දෙනුන් ගබ්සා වුණේ නැහැ. නුඹේ රංචුවල බැටළුවන් මා අහරට ගත්තේ නැහැ. වන මෘගයින් ඉරා දැමූ සතුන් මා නුඹ වෙත ගෙනාවේ නැහැ. එහි පාඩුවත් මා දරාගත්තා. දවාලේ හෝ රැයේ හෝ සොරු ගෙනගියවුන් පවා නුඹ මගෙන් අය කර ගත්තා. මා කල් යැව්වේ මෙලෙසයි. දහවල් හිරු තාපයෙන් ද රාත්‍රි තද ශීතලෙන් ද මා දැවුණා. නින්ද මගේ දෙනෙතින් පලා ගියා. පසුගිය මේ අවුරුදු විස්ස ම මා සිටියේ නුඹේ ගෙදර. දාහතර අවුරුද්දක් නුඹේ දූවරුන් දෙදෙනා සඳහාත් හය අවුරුද්දක් නුඹේ එළු බැටළු රංචු සඳහාත් මා නුඹට වැඩ කර දුන්නා. නුඹ දහ වතාවක් මගේ කුලිය වෙනස් කළා. මගේ පියාගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ භීතිය ද වූ තැනැන්වහන්සේ මා සමඟ නො වූ සේක් නම්, නුඹ හිස් අතින් ම මා පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, මගේ අසීරුතා හා මගේ දෑතේ වෙහෙස දෙවියන්වහන්සේ දුටු සේක්, ඊයේ රෑ උන්වහන්සේගේ තීන්දුව නුඹට දී ඇතැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 31:38-42