YouVersion Logo
Search Icon

උත්පත්ති 30:14-16

උත්පත්ති 30:14-16 SCV

තිරිඟු අස්වනු නෙළන සමයේ කෙතට ගිය රූබෙන්ට මන්ද්‍රාගෝර පැළෑටි දක්නට ලැබිණ. ඔහු ඒවා තම මව, ලෙයා වෙත ගෙනාවේ ය. එවිට රාඛෙල්, ලෙයා අමතමින්, “ඔබේ පුතාගේ මන්ද්‍රාගෝර ටිකක් මටත් දෙන්නැ” යි ඉල්ලුවා ය. එහෙත් ලෙයා පිළිතුරු දෙමින්, “නුඹ මගේ සැමියා පැහැර ගත්තා මදිවාට මගේ පුතාගේ මන්ද්‍රාගෝරත් ගන්නට එනවා දැ?” යි ඇසුවා ය. රාඛෙල් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔබේ පුතුගේ මන්ද්‍රාගෝරවල හිලව්වට ඔහු අද රැයේ ඔබ සමඟ සයනය කරනු ඇතැ” යි කීවා ය. එබැවින් කෙතේ සිට යාකොබ් සවස ආපසු එද්දී, ඔහු හමුවට ගිය ලෙයා, “ඔබ මා සමඟ සයනය කළ යුතුයි. මගේ පුතුගේ මන්ද්‍රාගෝරවලින් මම ඔබ කුලියට ගත්තෙමි” යි කීවා ය. එබැවින් ඒ රැයේ ඔහු ඇය සමඟ සයනය කළේ ය.