YouVersion Logo
Search Icon

උත්පත්ති 3:7-11

උත්පත්ති 3:7-11 SCV

එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් ඇරිණි. තමන්ගේ නග්න බව ඔවුන්ට වැටහිණි. එනිසා අත්තික්කා කොළ එකට මසා ගත් ඔවුහු තමනට ඉණ වැසුම් සාදා ගත්හ. දවසේ සිහිල් වේලෙහි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසිණි. එවිට මනුෂ්‍යයාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතින් උයනේ ගස් අතරේ සැඟවුණහ. එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “උයනේදී ඔබවහන්සේගේ හඬ මට ඇසුණා. මා නග්න බැවින් මා භය වුණා; එනිසා මා සැඟවුණා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 3:7-11