උත්පත්ති 3:22-24
උත්පත්ති 3:22-24 SCV
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මෙන්න! හොඳ හා නරක දැනගැනීමෙන්, මනුෂ්‍යයා දැන් අපගෙන් කෙනකු හා සමාන බවට පත් ව සිටියි. ඊළඟට ඔහුගේ අත දිගු කොට, ජීවන වෘක්ෂයෙන් ද ගෙන, අනුභව කොට, ඔහු සදහට ම ජීවත් නො විය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, භූමියෙන් ගනු ලැබූ මනුෂ්‍යයා, භූමිය වගා කරනු සඳහා ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක. එසේ මනුෂ්‍යයා පිට මං කළ පසු, ජීවන වෘක්ෂයට යන මාවත රැකවල්ලමින්, ඒදන් උයනට පෙරදිගින් කෙරුබ්වරුන් ද හැම අතට ම ලෙළ දෙන, ඇවිළෙන කඩුවක් ද උන්වහන්සේ තැබූ සේක.





