උත්පත්ති 3:2-10
උත්පත්ති 3:2-10 SCV
ස්ත්‍රිය සර්පයාට පිළිතුරු දෙන්නී, “උයනේ ඇති ගස්වල පල කන්නට අපට පුළුවන. එහෙත් දෙවියන්වහන්සේ කීවේ, ‘උයන මැද ඇති ගහේ පල ඔබ නො කෑ යුතු ය; එය ස්පර්ශ නො කළ යුතු ය. නැතහොත් ඔබ මිය යනු ඇත’ කියා යැ” යි පැවසුවා ය. “සැබවින් ම ඔබ මැරෙන්නේ නැතැ” යි පැවසූ සර්පයා, “එයින් කන දවසේ ඔබේ ඇස් ඇරී, හොඳ හා නරක දැනගැනීමෙන් ඔබත් දෙවියන්වහන්සේ හා සමාන වන වග දෙවියන්වහන්සේ දන්නා සේකැ” යි ද පැවසී ය. ගහේ පල කෑමට හොඳ බැව් ද ඇසට ප්‍රිය බැව් ද නුවණ ලැබීමට ආශා විය යුතු බැව් ද දුටු ස්ත්‍රිය, එයින් ගෙන කෑවා ය. තමා සමඟ සිටි තම ස්වාමිපුරුෂයාට ද ඈ ඒවා දුන්නා ය; ඔහු ද කෑවේ ය. එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් ඇරිණි. තමන්ගේ නග්න බව ඔවුන්ට වැටහිණි. එනිසා අත්තික්කා කොළ එකට මසා ගත් ඔවුහු තමනට ඉණ වැසුම් සාදා ගත්හ. දවසේ සිහිල් වේලෙහි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසිණි. එවිට මනුෂ්‍යයාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතින් උයනේ ගස් අතරේ සැඟවුණහ. එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “උයනේදී ඔබවහන්සේගේ හඬ මට ඇසුණා. මා නග්න බැවින් මා භය වුණා; එනිසා මා සැඟවුණා” යි පැවසී ය.





