උත්පත්ති 3:16-19
උත්පත්ති 3:16-19 SCV
උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ආදම්ට කතා කොට, “නුඹේ භාර්යාවට නුඹ සවන් දී, ‘එයින් ඔබ නො කෑ යුතු යැ’ යි මා නුඹට අණ කළ ගසින් කෑ බැවින්, “නුඹ නිසා භූමිය ශාප ලබයි; දිවි හිමියෙන් වෙහෙස මහන්සි ව, නුඹ එයින් අහර සපයා ගනියි. එය නුඹට කටු ගස් හා වල් පඳුරු උපදවා දෙයි. නුඹ බැද්දේ පැළෑටි අහරට ගනියි. නුඹ ගනු ලැබුවේ භූමියෙන් බැවින් භූමියට ම නුඹ හැරී යන තෙක්, නුඹේ ම දහඩිය මහන්සියෙන් නුඹේ අහර, නුඹ බුදිනු ඇත. මන්ද නුඹ දූවිල්ල ය; දූවිල්ලට ම නුඹ හැරී යන්නේ යැ” යි පැවසූ සේක.





