උත්පත්ති 3:13-15
උත්පත්ති 3:13-15 SCV
එවිට ස්ත්‍රිය ඇමතූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, “මොකක් ද මේ නුඹ කළේ?” යි පැවසූ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සර්පයා මා මුළා කළා. මාත් කෑවා” යි කීවා ය. එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සර්පයාට මෙසේ පැවසූ සේක: “තා මේ දේ කළ නිසා, “ගව-මහීෂාදී සියලු සතුනට ද සියලු වන සතුනට ද වැඩියෙන් තා ශාප ලබන්නෙහි ය. තගේ දිවි ඇති තුරා, තා බඩ ගා යමින්, දූවිල්ල කනු ඇත. තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය හා ඇගේ වංශය අතර ද මම සතුරුකම තබන්නෙමි. ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය. තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.”





