YouVersion Logo
Search Icon

උත්පත්ති 28:20-22

උත්පත්ති 28:20-22 SCV

ඉන්පසු යාකොබ් බාරයක් වෙමින්, “දෙවියන්වහන්සේ මා සමඟ සිටිමින්, මා යන මේ ගමනේදී මා රැක බලා ගනිමින්, මට කෑමට ආහාර ද ඇඳීමට ඇඳුම් ද සපයා දෙමින්, මගේ පියාගේ ගෙදරට මා සුරැකි ව ආපසු එන පිණිස කටයුතු කරන්නේ නම්, ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ වන සේක. සැමරුම් කණුවක් කොට මා පිහිටූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් දසයෙන් කොටසක් මම ඔබට දෙන්නෙමි” යි පැවසී ය.