YouVersion Logo
Search Icon

උත්පත්ති 28:1-5

උත්පත්ති 28:1-5 SCV

එබැවින් ඊසාක්, යාකොබ් කැඳවා, ඔහුට ආශිර්වාද කර, අවවාද කරමින්, “කානානීය ස්ත්‍රියක ඔබේ බිරිඳ කර නො ගන්න. නැගිට, පදන්-අරාම්හි ඔබේ මවගේ පියා වන බෙතුවෙල්ගේ ගෙදරට යන්න; එහිදී ඔබේ මවගේ සහෝදර ලාබාන්ගේ දූවරුන් අතරින් ඔබට බිරිඳක ලබා ගන්න. සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කර, ඔබ සඵල කර, ජන සමාජයක් බවට ඔබ පත් වන තුරු, ගණනින් ඔබ වැඩි වර්ධන කරන සේක්වා! පිටදේශක්කරුවකු සේ දැන් ඔබ වෙසෙන මේ දේශය වන දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් දේශය, ඔබ උරුම කර ගන්නා පිණිස, උන්වහන්සේ ආබ්‍රහම්ට දුන් ආශිර්වාදය ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන සේක්වා” යි පැවසී ය. ඉන්පසු ඊසාක්, යාකොබ් පිටත් කර හැරියේ ය. ඔහු පදන්-අරාම්හි ලාබාන් වෙත පිටත් ව ගියේ ය. ලාබාන් අරාමීය බෙතුවෙල්ගේ පුත්‍රයා ය; යාකොබ්ගේ හා ඒසව්ගේ මව වූ රෙබෙකාගේ සහෝදරයා ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 28:1-5