YouVersion Logo
Search Icon

උත්පත්ති 24:63-67

උත්පත්ති 24:63-67 SCV

එක් සවසක මෙනෙහි කරන්නට කෙතට ගිය ඊසාක්, දෑස් දල්වා විපරමින් බැලූ කල ඔටුවන් එනු දුටුවේ ය. රෙබෙකා ද විපරමින් බැලුවා ය. එකල, ඊසාක් දුටු ඈ ඔටුවා පිටින් බැස්සා ය. “අර කෙත් වතු අතරින් අප හමුවට එන මිනිසා කවරෙක් දැ?” යි ඈ සේවකයාගෙන් ඇසුවා ය. සේවකයා පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා ඔහු යැ” යි කීවේ ය. එවිට ඈ තම සළු පට ගෙන, මුහුණ ආවරණ කර ගත්තා ය. එවිට සේවකයා, තමා කළ සියලු දෑ ඊසාක්ට පැවසී ය. ඊසාක් තම මව වන සාරාගේ කූඩාරමට ඇය කැඳවාගෙන ආවේ ය. ඔහු රෙබෙකා ආවාහ කර ගත්තේ ය. මෙසේ ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කළේ ය. මෙසේ ඊසාක් තම මවගේ මරණින් පසු සැනසිල්ල ලද්දේ ය.