YouVersion Logo
Search Icon

උත්පත්ති 21:1-8

උත්පත්ති 21:1-8 SCV

ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, උන්වහන්සේ සාරාට කරුණා පෑ සේක. පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ සාරා ගැන ක්‍රියා කළ සේක. එබැවින් සාරා ගැබ්ගත්තී, ආබ්‍රහම්ගේ මහලු වයසේ, දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු වූ නිසි කල්හි දී ඔහුට පුතකු බිහි කර දුන්නී ය. ආබ්‍රහම් තමාට සාරා බිහි කර දුන් පුතුට ඊසාක් යන නම තැබී ය. තම පුතු ඊසාක්ට දින අටක් වයස් වූ කල, ආබ්‍රහම් ඔහු චර්මඡේද කළේ, දෙවියන්වහන්සේ අණ කර තිබූ පරිද්දෙනි. තම පුතු ඊසාක් උපදින විට ආබ්‍රහම් අවුරුදු සියයක් වයස් ව සිටියේ ය. සාරා කතා කොට, “දෙවියන්වහන්සේ මට සිනහව ගෙනා සේක. මේ ගැන අහන හැම කෙනකු ම මා හා හිනැහෙනු ඇතැ” යි කීවා ය. ඈ, තවත් කතා කරමින්, “සාරා දරුවන්ට කිරි පොවතියි ආබ්‍රහම්ට කියන්නට සිතුවේ කවුරු ද? එහෙත් ඔහුගේ මහලු වයසේදී මම ඔහුට පුතකු බිහි කර දුන්නෙමි” යි කීවා ය. දරුවා වැඩී, කිරි වැරී ය. ඊසාක් කිරි වැරූ දවසේ ආබ්‍රහම් මහා මංගල්‍යයක් පැවැත්වී ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 21:1-8