YouVersion Logo
Search Icon

උත්පත්ති 2:7-9

උත්පත්ති 2:7-9 SCV

ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පෙරදිග, ඒදන්හි උයනක් වවා තිබූ සේක්, උන්වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යයා එහි පිහිටූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, දැකීමට ප්‍රිය වූත්, අහරට සුදුසු වූත් සියලු ගස් වැල් පොළොවෙන් හට ගැන් වූ සේක. උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ හා නරක නිශ්චය කිරීමේ ගස ද විය.