උත්පත්ති 2:5-7
උත්පත්ති 2:5-7 SCV
කිසි ශාක-පඳුරක් තවම පොළොවේ නො තිබිණ. යම් පැළෑටියකුදු හටගෙන නො තිබිණි. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොවට වැසි එවා තිබුණේ නැති බැවිනි. භූමිය වගා කිරීමට කිසි මනුෂ්‍යයකු ද නො වී ය. එහෙත් මීදුමක් පොළොවෙන් පැන නැගී, මුළු මිහිතලය ම තෙත් කරවී ය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය.





