උත්පත්ති 2:22-24
උත්පත්ති 2:22-24 SCV
ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා, මනුෂ්‍යයා වෙත ඇය ගෙන ආ සේක. එවිට මනුෂ්‍යයා, “මේ නම් මගේ ඇටවලින් වූ ඇට ය. මගේ ම මසින් වූ මස ය. මනුෂ්‍යයා වෙතින් ගන්නා ලද නිසා මැය ‘ස්ත්‍රී’ නමින් හැඳින් වේ යැ” යි පැවසී ය. එබැවින්, මනුෂ්‍යයෙක් තම පියා ද මව ද අතහැර තම භාර්යාවට බැඳෙන්නේ ය. මෙසේ ඔවුහු එක ම මාංසයක් වෙති.





