YouVersion Logo
Search Icon

උත්පත්ති 19:23-29

උත්පත්ති 19:23-29 SCV

ලොත්, සොවර් වෙත ළඟා වන විට පොළොවට හිරු උදා වී තිබිණ. එකල ස්වාමින්වහන්සේ ගිනි ඇවිළෙන ගෙන්දගම් වැස්සක්, ස්වාමින්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් සොදොම් හා ගොමොරා පිටට වැස්සවූ සේක. මෙසේ උන්වහන්සේ එම පුරවර ද මුළු මහත් තැන්න ද පුරවරවල විසූ සියල්ලන් ද ඒ බිමේ වැවී තිබූ ගහ කොළ ද සමඟ විනාශ කර දැමූ සේක. ලොත්ගේ බිරිඳ, ඔහුට පිටුපසින් ආපසු හැරී බැලුවා ය; එවිට ඇය ලුණු කණුවක් බවට පත් විණ. පසු දා අලුයම් උදෙන් පිබිදි ආබ්‍රහම්, ස්වාමින්වහන්සේ අබියස නැවතී සිටි ස්ථානයට ආපසු ගියේ ය. ඔහු සොදොම් හා ගොමොරා දෙස නෙත් හෙළා, මුළු තැනිතලා බිම් පෙදෙස දෙස බැලී ය. එවිට මෙන්න! උදුනක දුමක් මෙන් ගන දුම් කඳක් ඒ දේශයෙන් නැගෙනු ඔහු දුටුවේ ය. දෙවියන්වහන්සේ තැනිතලාවේ නගර විනාශ කළ කල්හි උන්වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් පදිංචි ව සිටි නගරය විනාශ කළ විපත්තියෙන් උන්වහන්සේ ලොත් මුදා යැවූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 19:23-29