YouVersion Logo
Search Icon

උත්පත්ති 18:2-5

උත්පත්ති 18:2-5 SCV

ඔහු නෙත් දල්වා බැලූ කල, මිනිසුන් තුන් දෙනකු තමාට නුදුරින් සිටගෙන සිටිනු දුටුවේ ය. ඔවුන් දුටු කල, තම කූඩාරම් දොරටුවේ සිට ඔවුන් වෙත විගස ගිය ආබ්‍රහම්, මුහුණ බිමට නමා, ආචාර කළේ ය. ඔහු කතා කරමින්, “මා ස්වාමිනි, ඔබ මා කෙරේ ප්‍රසන්න නම්, මදක් නැවතී මිස ඔබේ සේවක මා පසු කර නො යන්න. මා වතුර ටිකක් ගෙනෙන්නම්. එවිට ඔබ හැමට පා සෝදාගෙන, මේ ගස් සෙවණේ මදක් විවේක ගත හැකියි. දැන් ඔබ ඔබේ සේවකයා වෙත පැමිණ සිටින නිසා, මම ඔබට කෑමට යමක් සපයන්නම්. එවිට ඉන් ප්‍රබෝධවත් වී, ඔබට ඔබේ ගමන යා හැකි යැ” යි කීවේ ය. “හොඳයි. ඔබ කී දේ කරන්නැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.