YouVersion Logo
Search Icon

උත්පත්ති 18:12-15

උත්පත්ති 18:12-15 SCV

එබැවින් සාරා තමන් සිත තුළ, “මා මවක වන කාලය පසු කර, මගේ ස්වාමියා ද මහල්ලකු ව සිටියදී, දැන් මම දරුවකු ලැබීමේ ප්‍රීතිය ලබම් දැ?” යි කියා ගනිමින් සිනාසුණා ය. එවිට ස්වාමින්වහන්සේ ආබ්‍රහම් ඇමතූ සේක්, “සාරා සිනාසී, ‘දැන් මම මහලු ව සිටියදී, ඇත්තෙන් ම ගැබ්බර වන්නෙම් දැ?’ යි කීවේ මන්ද? ස්වාමින්වහන්සේට නො හැකි දෙයක් වේ ද? ලබන වසරේ යථා කාලයේදී මම ඔබ වෙත යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇතැ” යි පැවසූ සේක. බියපත් වූ සාරා, “එය ප්‍රතික්ෂේප කරමින්, මා හිනැහුණේ නැතැ” යි කීවා ය. “නැහැ! ඔබ සිනාසුණා” යි උන්වහන්සේ පැවසූ සේක.