YouVersion Logo
Search Icon

උත්පත්ති 16:7-16

උත්පත්ති 16:7-16 SCV

ස්වාමින්වහන්සේගේ දූතයාට කාන්තාරයේ දිය උල්පත් අසලදී, ෂූර් දක්වා දිවෙන මාවත පසෙක වූ දිය උල්පත අසලදී හාගර් හමු වී, කතා කරමින්, “හාගර්, සාරයිගේ දාසිය, ඔබ කොහි සිට එනවා ද? කොහි යනවා දැ?” යි ඇසී ය. “මම මගේ ස්වාමි දූ සාරයි වෙතින් පලා යනවා” යි ඈ පිළිතුරු දුන්නා ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඇය අමතමින්, “ඔබේ ස්වාමි දූ වෙත ආපසු යන්න; ගොසින්, ඇයට යටහත් ව සිටින්නැ” යි කීවේ ය. තවදුරටත් කතා කළ ස්වාමින්වහන්සේගේ දූතයා, “මම ඔබේ දරු පරපුර ගණන් කළ නො හැකි තරමට වැඩි කරන්නෙමි” යි පැවසී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඇයට මෙසේ ද පැවසී ය: “මෙන්න! දැන් දරු ගැබක් ඔබ දරයි. ඔබ, පුතකු බිහි කරනු ඇත. ඉෂ්මායෙල් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. මන්ද ස්වාමින්වහන්සේ ඔබේ දුක්-සන්තාපය ඇසූ බැවිනි. ඔහු කැලෑ බූරුවකු වැනි මිනිසකු වනු ඇත. ඔහුගේ අත හැම කෙනකුට එරෙහි වෙයි. හැම කෙනකුගේ අත, ඔහුට එරෙහි වෙයි. ඔහු තම සියලු නෑසියන්ගෙන්, වෙන් ව වෙසෙනු ඇත.” එවිට හාගර්, තමා ඇමතූ ස්වාමින්වහන්සේට, “මා දෙස බලන දෙවියන්වහන්සේ ඔබ ය” යන අරුතින් ඒල්-රොයී යන නමින් ඇමතුවා ය. මන්ද ඈ, “සැබවින් ම මම දෙවියන්වහන්සේ දුටුවෙමි; එසේ දැකලාත් ජීවත් ව සිටින්නෙමි” යි කීවා ය. “මා දෙස බලන ජීවමාන තැනැන්වහන්සේගේ ළිඳ” යන අරුතින් එම ළිඳට, බෙයර් ලහායි-රොයී යන නම තබන ලද්දේ එබැවිනි. එය තිබෙනුයේ කාදෙෂ් හා බෙරෙද් අතර ය. හාගර්, ආබ්‍රම්ට පුතකු බිහි කළා ය. ඇය බිහි කළ තම පුතුට ආබ්‍රම් නම් තැබුවේ, ඉෂ්මායෙල් කියා ය. හාගර් ඔහුට දාව ඉෂ්මායෙල් බිහි කරන කල්හි, ආබ්‍රම් අසූහය වන වියෙහි විය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 16:7-16