උත්පත්ති 16:1-3
උත්පත්ති 16:1-3 SCV
එහෙත් ආබ්‍රම්ගේ බිරිඳ වූ සාරයි, ඔහුට දාව දරුවන් බිහි කර තිබුණේ නැත. ඇයට හාගර් නම් වූ ඊජිප්තියානු දාසියක් සිටියා ය. එබැවින් ආබ්‍රම් ඇමතූ ඈ, “මේ අහන්න, දරුවන් ලැබීමෙන් ස්වාමින්වහන්සේ මා වළක්වා ඇත. මගේ දාසිය සමඟ එක්වන්න. ඇතැම් විට ඇය මගින් මට දරු-පවුලක් ගොඩ නැගිය හැකි වෙතැ” යි කීවා ය. ආබ්‍රම්, සාරයි කී දේට සවන් දුන්නේ ය. මෙසේ ආබ්‍රම්, කානාන් දේශයේ දස වසරක් විසූ පසු, ඔහුගේ බිරිඳ වූ සාරයි, හාගර් නම් වූ තම ඊජිප්තියානු දාසිය ගෙනවුත්, තම සැමියා වන ආබ්‍රම්ට බිරිඳක කොට දුන්නා ය.
![[Deeply Rooted] God Is for Us උත්පත්ති 16:1-3 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F47606%2F1440x810.jpg&w=3840&q=75)




