උත්පත්ති 14:14-16
උත්පත්ති 14:14-16 SCV
තම නෑයා සිරකොට, අල්ලාගෙන යන ලද වග ඇසූ ආබ්‍රම්, තම නිවසේ උපන්, යුද පුහුණුව ලද මිනිසුන් තුන්සිය දහඅට දෙනා රැස් කර ගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැන්දේ ය. සතුරනට පහර දෙන පිණිස රාත්‍රියේදී තම පිරිස කාණ්ඩවලට බෙදූ ආබ්‍රම්, සතුරන් පලවා හැරියේ දමස්කයට උතුරින් හෝබා දක්වා ඔවුන් ලුහුබඳිමිනි. ගෙන ගොස් තිබූ බඩු භාණ්ඩ සියල්ල ආපසු ගත් ආබ්‍රම්, තම නෑයා වූ ලොත් ද ඔහු සතු දෑ ද ස්ත්‍රීන් හා සෙසු ජනයා ද ආපසු ගෙන ආවේ ය.





