YouVersion Logo
Search Icon

උත්පත්ති 14:10-22

උත්පත්ති 14:10-22 SCV

තවද සිද්දීම් මිටියාවත, කීල් පතල්වලින් ගහන ව තිබිණි. සොදොම් හා ගොමොරා රජුන් පැරදී, පලා යද්දී, ඇතැම් දෙනෙක් ඒවායේ වැටුණහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. සොදොම් හා ගොමොරාහි සියලු බඩු භාණ්ඩ ද ඔවුන්ගේ සියලු ආහාර ද අල්ලා ගත් රජවරු සිවු දෙන ඉන් අනතුරුව පිටත් ව ගියහ. ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුතා වූ ලොත් සොදොම්හි විසූ හෙයින් ඔවුහු, ඔහු ද ඔහු සතු ව තිබූ දෑ ද ගෙන ගියහ. බේරී පලා ආ කෙනෙක්, එම පුවත හෙබ්‍රෙව්වා වූ ආබ්‍රම්ට සැල කළේ ය. මෙකල ආබ්‍රම් පදිංචි ව සිටියේ, අමෝරි ජාතික මම්රේගේ ආලෝන් වෘක්ෂ අසල ය. මම්රේ, එෂ්කොල් හා ආනේර්ගේ සොහොයුරා ය. ඔවුන් ආබ්‍රම් සමඟ ගිවිසුමෙන් බැඳුනවුන් ය. තම නෑයා සිරකොට, අල්ලාගෙන යන ලද වග ඇසූ ආබ්‍රම්, තම නිවසේ උපන්, යුද පුහුණුව ලද මිනිසුන් තුන්සිය දහඅට දෙනා රැස් කර ගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැන්දේ ය. සතුරනට පහර දෙන පිණිස රාත්‍රියේදී තම පිරිස කාණ්ඩවලට බෙදූ ආබ්‍රම්, සතුරන් පලවා හැරියේ දමස්කයට උතුරින් හෝබා දක්වා ඔවුන් ලුහුබඳිමිනි. ගෙන ගොස් තිබූ බඩු භාණ්ඩ සියල්ල ආපසු ගත් ආබ්‍රම්, තම නෑයා වූ ලොත් ද ඔහු සතු දෑ ද ස්ත්‍රීන් හා සෙසු ජනයා ද ආපසු ගෙන ආවේ ය. ආබ්‍රම්, කෙදොර්-ලායොමෙර් ද ඔහුගේ පක්ෂය ගත් රජුන් ද පරදා, ආපසු පැමිණි කල, සොදොම් රජු ෂාවේ මිටියාවත හෙවත් රජුගේ මිටියාවතේදී ඔහු හමුවට පිටත් ව ආවේ ය. එකල සාලෙම්හි රජු වූ මෙල්කිසදෙක්, රොටි හා මිදි යුෂ ගෙනාවේ ය. ඔහු මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. ඔහු ආබ්‍රම්ට ආශිර්වාද කරමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශිර්වාද ලැබේවා! ඔබගේ සතුරන් ඔබගේ අතට දුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!” යි පැවසී ය. එවිට ආබ්‍රම්, හැම දෙයින් ම දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. සොදොම් රජු ආබ්‍රම් අමතමින්, “ජනයා මට දෙන්න. බඩු භාණ්ඩ ඔබ ම ගන්නැ” යි කීවේ ය. එහෙත් ආබ්‍රම්, සොදොම් රජුට පිළිතුරු දෙමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මගේ අත ඔසවා, මා දිවුරා ඇත්තේ