උත්පත්ති 13:5-9
උත්පත්ති 13:5-9 SCV
මේ වන විට ආබ්‍රම් සමඟ ගිය ලොත්ට ද එළු බැටළු හා ගව රංචු ද කූඩාරම් ද තිබිණි. එබැවින් ඔවුන් දෙගොල්ලට එක් ව නඩත්තු වීමට තණ බිම්හි ඉඩ නො වී ය. ඔවුනට එක් ව විසීමට නො හැකි තරමට ඔවුන්ගේ සම්පත් අධික විය. එහෙයින් ආබ්‍රම්ගේ ගොපල්ලන් හා ලොත්ගේ ගොපල්ලන් අතර කලහ හට ගැනිණි. එකල ඒ දේශයෙහි කානානිවරු හා පෙරිස්සිවරු ද විසූහ. එබැවින් ලොත් ඇමතූ ආබ්‍රම්, “අපි ළඟ නෑයින් බැවින් ඔබ හා මා අතරේවත්, ඔබේ ගොපල්ලන් හා මගේ ගොපල්ලන් අතරේවත් කලහ ඇතිකර නො ගනිමු. මේ මුළු දේශය ම ඔබ ඉදිරිපිට තියෙනවා නො වේ ද? මගෙන් වෙන් වී යන්න; ඔබ වම් පැත්තට යතොත්, මම දකුණට යන්නෙමි. ඔබ දකුණු පැත්තට යතොත්, මම වමට යන්නෙමි” යි කීවේ ය.





