YouVersion Logo
Search Icon

උත්පත්ති 12:4-9

උත්පත්ති 12:4-9 SCV

මෙසේ ආබ්‍රම්, ස්වාමින්වහන්සේ ඔහුට පවසා තිබූ පරිදි පිටත් ව, ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. හාරාන් වෙතින් පිටත් වන කල, ආබ්‍රම් හැත්තෑපස් වන වියෙහි පසු විය. ආබ්‍රම්, තම භාර්යාව වූ සාරයි ද තම සහෝදරයාගේ පුත් වූ ලොත් ද කැටිව, ඔවුන් රැස් කර ගෙන තිබූ සියලු ධන සම්පත් හා හාරාන්හි දී අත්කර ගෙන තිබූ මිනිසුන් ද රැගෙන කානාන් දේශය බලා පිටත් විය. මෙසේ ඔවුහු කානාන් වෙත ළඟා වූහ. ආබ්‍රම්, ෂෙකෙම්හි මෝරේගේ ආලෝන් වෘක්ෂය පිහිටි භූමිය දක්වා දේශය ඔස්සේ ගමන් කළේ ය. එකල දේශයේ වාසය කළෝ කානානිවරු ය. ස්වාමින්වහන්සේ ආබ්‍රම්ට පෙනුණු සේක්, “මම මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින් ආබ්‍රම් තමාට පෙනුණු ස්වාමින්වහන්සේට පූජාසනයක් එතැන ගොඩ නැගුවේ ය. එතැනින් ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් වූ කඳුකරයට ගමන් කොට, බටහිරට බෙතෙල් ද නැගෙනහිරට ආයි ද යන නගර අතර තම කූඩාරම පිහිටුවා ගත්තේ ය. ස්වාමින්වහන්සේට එහි පූජාසනයක් ඉදි කළ ඔහු, ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කළේ ය. මෙසේ ආබ්‍රම් ගමන් කරමින් නෙගෙබ් දෙසට සංක්‍රමණ විය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 12:4-9