YouVersion Logo
Search Icon

උත්පත්ති 12:1-5

උත්පත්ති 12:1-5 SCV

ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දේශය ද ඔබේ නෑයින් ද ඔබේ පියාගේ නිවස ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්න. “ඔබ මහත් ජාතියක් බවට මම පත් කරන්නෙමි. මම ඔබට ආශිර්වාද කරන්නෙමි. මම ඔබේ නාමය, ශ්‍රේෂ්ඨ කරන්නෙමි. ඔබ ම ආශිර්වාදයක් වනු ඇත. ඔබට ආශිර්වාද කරන්නන්ට, මම ආශිර්වාද කරමි. ඔබට ශාප කරන්නාට, මම ශාප කරමි. මිහි පිට සියලු පවුල්, ඔබ තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පවසා තිබිණි. මෙසේ ආබ්‍රම්, ස්වාමින්වහන්සේ ඔහුට පවසා තිබූ පරිදි පිටත් ව, ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. හාරාන් වෙතින් පිටත් වන කල, ආබ්‍රම් හැත්තෑපස් වන වියෙහි පසු විය. ආබ්‍රම්, තම භාර්යාව වූ සාරයි ද තම සහෝදරයාගේ පුත් වූ ලොත් ද කැටිව, ඔවුන් රැස් කර ගෙන තිබූ සියලු ධන සම්පත් හා හාරාන්හි දී අත්කර ගෙන තිබූ මිනිසුන් ද රැගෙන කානාන් දේශය බලා පිටත් විය. මෙසේ ඔවුහු කානාන් වෙත ළඟා වූහ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 12:1-5