Bible App logo
Search Icon

උත්පත්ති 1:26-30

උත්පත්ති 1:26-30 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපය ලෙස, අප හා සමාන ව මනුෂ්‍යයා සාදමු. ඔවුහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගව-මහීෂාදීන් ද වන මෘග හා පොළොව පිට ඇදෙන උරගයන් ද පාලනය කරත්වා!” යි පැවසූ සේක. මෙසේ දෙවියන්වහන්සේ තමාගේ ම ස්වරූපය ලෙස මනුෂ්‍යයා මැවූ සේක. දෙවියන්වහන්සේගේ ම ස්වරූපය ලෙස ඔහු මැවූ සේක්, පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ සේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, පොළොව පුරා පැතිරී, එය යටත් කර ගන්න. මුහුදේ මසුන් ද අහස් පක්ෂීන් ද පොළොව පිට ඇදෙන පණ ඇතියවුන් ද පාලනය කරන්නැ” යි කී සේක. දෙවියන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “මෙන්න! මිහි පිට ඇති බීජ දරන සියලු ශාක ද බීජ සහිත ව පල දරන සියලු ගස් වැල් ද ඔබගේ ආහාර සඳහා දුනිමි. මිහි පිට වෙසෙන සියලු සතුන්ට, පොළොව පිට ඇදෙන උරගයින්ට හා අහස් පක්ෂීන්ට යන සියලු ජීවමාන සතුනට ආහාර පිණිස මම නිල්පලා දුනිමි” යි කී සේක. ඒ එසේ ම විය.

Verse Image for උත්පත්ති 1:26-30

උත්පත්ති 1:26-30 - ඉන්පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපය ලෙස, අප හා සමාන ව මනුෂ්‍යයා සාදමු. ඔවුහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගව-මහීෂාදීන් ද වන මෘග හා පොළොව පිට ඇදෙන උරගයන් ද පාලනය කරත්වා!” යි පැවසූ සේක. මෙසේ දෙවියන්වහන්සේ තමාගේ ම ස්වරූපය ලෙස මනුෂ්‍යයා මැවූ සේක. දෙවියන්වහන්සේගේ ම ස්වරූපය ලෙස ඔහු මැවූ සේක්, පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ සේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, පොළොව පුරා පැතිරී, එය යටත් කර ගන්න. මුහුදේ මසුන් ද අහස් පක්ෂීන් ද පොළොව පිට ඇදෙන පණ ඇතියවුන් ද පාලනය කරන්නැ” යි කී සේක. දෙවියන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “මෙන්න! මිහි පිට ඇති බීජ දරන සියලු ශාක ද බීජ සහිත ව පල දරන සියලු ගස් වැල් ද ඔබගේ ආහාර සඳහා දුනිමි. මිහි පිට වෙසෙන සියලු සතුන්ට, පොළොව පිට ඇදෙන උරගයින්ට හා අහස් පක්ෂීන්ට යන සියලු ජීවමාන සතුනට ආහාර පිණිස මම නිල්පලා දුනිමි” යි කී සේක. ඒ එසේ ම විය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 1:26-30