උත්පත්ති 1:24-26
උත්පත්ති 1:24-26 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව, ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන්, ඒ ඒ වර්ගයේ උරගයින් හා වන මෘගයින් ද යන නන් වැදෑරුම් ජීවමාන සතුන් හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. මෙසේ දෙවියන්වහන්සේ ඒ ඒ වර්ගයේ වන මෘගයින් ද ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන් ද බිම බඩ ගා යන ඒ ඒ වර්ගයේ උරගයින් ද හට ගැන් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. ඉන්පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපය ලෙස, අප හා සමාන ව මනුෂ්‍යයා සාදමු. ඔවුහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගව-මහීෂාදීන් ද වන මෘග හා පොළොව පිට ඇදෙන උරගයන් ද පාලනය කරත්වා!” යි පැවසූ සේක.





