උත්පත්ති 1:20-23
උත්පත්ති 1:20-23 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය, එහි වෙසෙන ජීවීන් සුලබ ව රෑන් රෑන් හට ගන්වනු; පක්ෂීන් පොළොවට ඉහළ අහස් කුස හරහා පියඹා යනු” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ දැවැන්ත මුහුදු සත්වයින් ද ජලයෙහි සුලබ ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් ජලජ ජීවීන් ද ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් පියාසර පක්ෂීන් ද මැවූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ උන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, මුහුදු ජලය පුරා පැතිරෙනු; පක්ෂීන් ද පොළෝ තලේ බෝ වනු” යි කී සේක. සවස විය; උදය විය. ඒ පස් වන දවස ය.





